ශ්‍රි පාදස්ථානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් කිසිදු අවස්ථාවක මුදල් ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා.

එළඹෙන ශ්‍රිපාද සමය පිළිබඳ පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සදහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පැවසුවේ එසේ මුදල් අයකිරීමක් ඉතිහාසය පුරා සිදුව නොමැති බවයි .

මේ අතර විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව ආණ්ඩුවට රතු නිවේදනයක් නිකුත් කරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ජන ජීවිත කඩා වැටෙමින් ඇති බවයි .මාධ්‍ය වෙත අදහස් පල කරමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව අවධාරණය කළා .

https://www.vnews.lk/storage/2023/10/OMALPE-SOBITHA-HIMI-EDIT.mp3?_=1

මේ අතර විදුලි බිල අඩු කිරීම සදහා ආණ්ඩුවට බල කිරීමට පක්ෂ – පාට අතහැර ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මේ බව සදහන් කලේ කොළොඹ පැවතී මාධ්‍ය හමුවකදී .

https://www.vnews.lk/storage/2023/10/JAYANTHA-SAMARAWEERA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content