ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික කටින පිංකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එතුමාගේ බිරිඳ ජලනී ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ  පූර්ණ දායකත්වයෙන් ඊයේ සහ අද සිදුකළා

අද දානමය පුණ්‍ය කර්මය සඳහා ස්වාමීන් වහන්සේලා සියක් නමක් වැඩම කර සිටියා මෙම දානමය පුණ්‍ය කර්මය සඳහා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක හිමියන් හා  මල්වතු පාර්ශ්වයේ අ නු නායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි  හිමියන් හා එම පාර්ශ්වයේම අනු නායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ  අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් ඇතුළු උභය මහා විහාරීය මහා සංඝරත්නය වැඩම කර සිටියා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජලනි ප්‍රේමදාස මහත්මිය ඇතුළු ඥාති හිතවතුන් විසින් දානය පිළිගන්වනු ලැබුවා  සජිත් ප්‍රේමදාස මහතා විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දුන්නා අද මේ සිදුකළ පුණ්‍ය කර්මය පිළිබඳව හා රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දක්වනු ලැබුවා

WhatsApp Group

Skip to content