රී ජයවර්ධනපුර මහ රෝහලට විශේෂ බස් රථ සේවාවක අවශ්‍යතාවය පැන නැගී තිබූ අතර, ඒ පිළිබද අවධානය යොමු කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ  ප්‍රවාහන, මහාමාර්ග සහ  ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සහභාගීත්වයෙන් සුව සැරිය රෝහල් සේවා නමින් විශේෂ බස් රථ සේවාවක් අද (05) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයෙන් ආරම්භ කරන ලදි.

මීට පෙර සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය ර‌මේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නිලධාරින් සහ කාර්ය මණ්ඩලය සමග  රෝහලේ ප්‍රගතිය පිළිබදව සොයාබැලීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් ලෙස ප්‍රවාහන දුෂ්කරතාවය පෙන්වා දෙන ලදි.

මේ පිළිබදව විශේෂ අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රවාහන, මහාමාර්ග සහ  ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස කඩිනමින් මෙම විශේෂ බස් රථ සේවාව ආරම්භ කිරිමට පියවර ගැනුනි.

මහරගම, තලවතුගොඩ, බොරැල්ල, කොටුව (138/212/174) නගර ආවරණය වන පරිදි ශ්‍රී ජයවර්ධනපුර රෝහල දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වේ.

WhatsApp Group

Skip to content