පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් ලබන 6 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් කිරීමට තීරණය කළ බව නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සදහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

එදිනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුත් කැඳවන බව ද දුමින්ද දිසානායක මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content