බංග්ලාදේශ තරග සංචාරයේ දී පාදයක ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවට 2024 අයි.පී.එල් තරගාවලිය සදහා දකුණු අප්‍රිකානු යොවුන් වේග පන්දු යවන්නෙකු වන ක්වේනා මාපාකා මුම්බායි සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

17 හැවිරිදි වමත් වේග පන්දු යවන්නෙකු වන ඔහු නිමා වූ අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළා.

කඩුලු 21 ක් දවා ගත් ඔහු එම තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකටයි ඔහු මුම්බායි සංචිතය සමග ගිවිසුම්ගත වී ඇත්තේ.

ඩිල්ෂාන් මදුෂංක මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 4.6 ක මුදලකට, එනම්  ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 17 ක පමණ වටිනාකමක් යටතේ මුම්බායි කණ්ඩායම විසින් මිලදී ගැනීමට කටයුතු කළා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content