කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වැනි තරගයත් ඉන්දියාව හමුවේ ඊයේ පරාජයට පත්වුනා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දිය කණ්ඩායමේ නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ඉන්දීය කණ්ඩායම ලකුණු
172ක් රැස් කිරිමතක්යි සමත් වුනේ.

එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ මෙවර කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

තරගය ජයගැනීම සඳහා ලකුණු 173ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90ක් පමණි.

ඒ අනුව ඉන්දියාව කණ්ඩායම ලකුණු 82 න් ජයග්‍රහණය කල අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අනුෂ්ක සංජිවනි ලකුණු 20ක්ද කවිශා දිල්හාරි ලකුණු 21ක් සහ අමා කාංචනා ලකුණු 19ක් ද ලබා ගත්තා.

අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ලකුනු 10 සීමාවවත් ඉක්මවා යාමට හැකියාව ලැබුණේ නැහැ.

WhatsApp Group

Skip to content