කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට ගිය 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවක් පසුගිය 10 වනදා සිට අතුරුදහන්වී ඇති බවට වාර්තා වී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවනු ලැබූවේ මහනුවර සංචාරක පොලීසිය විසිනි.

අද (14) දිනයේ අදාළ විදෙස් ජාතික කාන්තාවගේ සිරුර සොයාගැනීමට හැකිවී තිබේ.

මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කරන්නේ.
ඇය පිටත්ව යන බව කියූ ප්‍රදේශයක තිබී මෙම සිරුර හමුවී ඇති බවද වාර්තා වේ.

මෙසේ කන්දක් නැගීමට යන බව කියා හෝටලයෙන් පිටව ගිය විදේශීය කාන්තාව නැවත හෝටලයට නොපැමිණි බව කියමින් එම හෝටලේ අයිතිකරු පොලීසියට කළ පැමිණිල්ලකට අදාළවයි විමර්ශණ ආරම්භ කර තිබුණේ.

WhatsApp Group

Skip to content