ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද (04) සිල්හෙට් හිදී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වුණා.

එහිදී කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩායම ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 ක් දැවී ලකුණු 206 ක් රැස් කළා.

ඒ අනුව බංගලාදේශ කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 207 ක්.

දෙරට අතර තරගාවලිය විස්සයි විස්ස තරග තුනකින්, එක්දින තරග තුනකින් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විතයි.

තරගාවලිය පුරාවට තරග විස්තර FM 107 වී FM රේඩියෝවෙන් ශ්‍රවණය කළ හැක.

WhatsApp Group

Skip to content