ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවදුරටත් කල් දමා තිබෙනවා.

ඒ අනුව  අද දින සිදුකිරීම නියමිතව තිබූ ලංසු කැඳවීම දින 45කින් කල්දැමීමට සිදුවන බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කලේ.

මේ අතර ශ්‍රීලන්කන් ගුවන් සමාගම පියවිය යුතු ණය ඩොලර් මිලියන 510ක ණය මුදල රජයට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content