ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා ඊයේ අලුයම පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් යළි කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබස්සවා තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.173 දරණ ඒ 320 ඒයාර් බස් වර්ගයේ ගුවන් යානයක් අද අ`ඵයම 1.10 ට පමණ පිටත්ව ගොස් තිබූ අතර යානයේ සමතුලිතතාවය පවත්වාගෙන යන පද්ධතියේ කාර්මික දෝෂයක් හේතුවෙන් විනාඩි 40 කට පසුව යළි කටුනායක ගුවන්තොටුපලට අදාළ යානය ගොඩබස්වා ඇති බව සදහන්.

හදිසි ගොඩබැස්සවීමක් යැයි ප්‍රකාශ කරමින් එය ගොඩබස්සවා තිබූ අතර ඒ වන විට එහි මගීන් 85 දෙනෙකු ගමන් කර තිබුණා.

ඉන් අනතුරුව මගීන් වෙනත් විකල්ප ගුවන් යානා මගින් ඉන්දියාවේ බැංගලෝර් නුවර ගුවන් තොටුපල වෙත යොමු කිරීමට පියවර ගත් බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු කියා සිටියේ.

WhatsApp Group

Skip to content