මහනුවර ඇසළ පෙරහැර මංගලයේ පළමු කුඹල් පෙරහැර අද (10) පස්වරු 5.48 ට වීථි සංචාරය කිරීමට නියමිතයි.

දළදා පෙරහැර සඳහා අවශ්‍ය සියළු කටයුතු සුදානම් කර ඇති අතර මෙවර පෙරහැර අද සිට ලබන 20 වනදා දක්වා පැවැත්වේ.

නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාල පෙරහැර පෙරටුව ඇසළ පෙරහැර ගමනට එක්වන අතර දළදා මාළිගාවෙන් පිටත්වන පෙරහර දළදා වීථිය, ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ ගමන් කර රජවීථියට අවතීර්ණ වී රජවීථියෙන් ඉහළට ගමන් කර ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමට නියමිතයි.

පෙරහැර දිග කිලෝමිටර් 2 ක් වන අතර මේ සඳහා නැටුම් කණ්ඩායම් 35 ක්, අලි 35 ක් පමණ සහභාගී කර ගැනීමට මේ වන විට කටයුතු යොදා තිබේ.

මේ අතර පෙරහැරට සහභාගී කරවන පිරිස 2500 ක් පමණ වනු ඇති අතර නරඹන්නන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් පැමිණෙනු ඇති බව විශ්වාස කරයි.

පෙරහැර කටයුතු කරන කාලයේදී මහනුවර විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

WhatsApp Group

Skip to content