ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමින් ඊශ්‍රායලයේ ගෝලාන් කඳුකර කලාපයට එල්ල කළ රොකට් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් ඇතිවීමේ බියක් මතුව තිබෙනවා.

මේ හේතුවෙන් එරට රජය තීරණය කර ඇත්තේ බේරූට් ගුවන්තොටුපලේ ගුවන් ගමන් අවලංගු කිරීමට හා ඇතැම් ගමන් ප්‍රමාද කිරීමටයි.

ලුෆ්තන් සා ස්විස් එයාර් හා යුරෝවින්ස් ගුවන් සමාගම් මෙලෙස ගුවන් ගමන් අවලංගු කර ඇති අතර මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ඊයේ එරට රජයට බලය ලබා දුන්නා.

කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම භාරගැනීම හිස්බුල්ලා සංවිධානය ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ

WhatsApp Group

Skip to content