ශ්රවණාබාධිත පුද්ගලයන් සඳහා රියදුරු බලපත්ර නිකුත් කිරීමේ ක්රමවේදය මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් දිස්ත්රික් ලේකම්වරුන් හා මෝටර් රථ ප්රවාහන දෙපාර්තුමේන්තුවේ සහ සෑම දිස්ත්රික්කයකම සහකාර කොමසාරිස්වරුන් නියෝජ්ය කොමසාරිස්වරු හා විභාග පරීක්ෂකවරු සමඟ සාකච්ඡාවක් ප්රවාහන රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මෙම ක්රමවේදය දැනට ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්රික්වල ක්රියාත්මකව පවතී. එය මෙහිදී තෙවන පාර්ශවය රිය අනතුරකට ලක් වූ විට අධිකරණ ක්රියාමාර්ගයකින් තොරව වන්දියක් ලබා ගැනීමේ විකල්ප ක්රමයක් රාජ්ය පරිපාලන අමාත්යාංශය විසින් නිකුත් කරන ලද චක්රලේඛනය 2024-03-01 දින සිට හදුන්වා දී ඇති අතර එමගින් උපරිම වන්දි මුදල ලක්ෂ 05 දක්වා ලබා ගැනීමේ හැකියාවක් හිමි වේ. ඒ සම්බන්ධයෙන් රාජ්ය පරිපාලන චක්රලේඛණයක් නිකුත් කර ඇති බවද සියලු දෙනා දැනුවත් කරන ලදී.
මෙම අවස්ථාව සදහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති එම්. කේ.ආර්.ඒ.ගුණරත්න මහතා ,දමයන්ති ෆනෑන්දු අධ්යක්ෂ ජනරාල් රක්ෂණ නියාමන කොමිෂන් සභාව,චමරි හීනටිගල සහකාර අධ්යක්ෂ විමර්ශන ,දීපිකා යසරත්න අධ්යක්ෂිකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව හා ප්රවාහන හා මහාමාර්ග අමාත්යාංශය,මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

WhatsApp Group

Skip to content