ශ්‍රී ලංකාවේ ශබ්ද දුෂණය පිළිබඳව පවතින නීති හා රෙගුලාසි සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත භාරදීම පසුගියදා අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විණි.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) නීතිඥ, පියුමන්ති පීරිස්, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පත්මා අබේකෝන්, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්,

ආචාර්ය සංජය රත්නායක, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ, කමල් ප්‍රියන්ත, අතිරේක නීති සම්පාදක නීතිඥ, ලෝචනා ජී. පුංචිහේවා, නියෝජ්‍ය පොලිස්පති (නීති) නීතිඥ, රුවන් ගුණසේකර, ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ, නීතිඥ චතුරිකා විජේසිංහ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහකාර ලේකම් (නීති) නීතිඥ, ජලාශි ලොකුනාරංගොඩ, සහ ඉෂාන් කුරුවිටආරච්චි යන මහත්මීන් කමිටුව නියෝජනය කරන ලදී.

විද්වත් කමිටුව විසින් ලෝකයේ පවතින ශබ්ද දුෂණ සම්බන්ධ නීති හා රෙගුලාසි අධ්‍යනය කරමින් අදාළ වාර්තාව සකස් කර ඇත.

WhatsApp Group

Skip to content