67 වැනි ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කොළඹ දී රැස් විය.

රැස්වීම අතරතුර ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුවේ නිල ලාංඡනය එළි දැක්වීම ද ආරක්‍ෂක ලේකම්වරයා අතින් සිදුකෙරිණ.

“Renewed commitments, strengthening partnerships towards a resilient community” යන තේමාව යටතේ ආපදා සඳහා ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ අරමුණින්, ලෝක ආහාර වැඩසටහනේ පුර්ණ සහයෝගය සහිතව මෙම හමුව පවත්වන ලදි.

ඒ අනුව, මෙම සැසිය හරහා ආපදා අවදානම අවම කිරීමේ ක්‍රියාවලීන්ට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව වර්ධනය කිරීමට හා ශක්තිමත් කිරීමට ජාතික මට්ටමේ සංවාදයක් සඳහා අවස්ථාව සපයයි.

මෙහි දී ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ආපදා අවදානම් අවම කිරීම අතිශය වැදගත් බවයි.

විදේශීය රාජ්‍ය නියෝජිතයන්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ ප්‍රධානීන්, කළමනාකරුවන් සහ අධ්‍යක්‍ෂවරුන් මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම සැසියට එක් විය.

WhatsApp Group

Skip to content