අතුරු වෛද්‍ය සහ පරිපූරක වෛද්‍ය සේවාවේ සාමාජිකයින් දෙසිය හතලිස් දෙදෙනෙකුට පත්වීම් ප්‍රදානය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ බොරැල්ල වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයට අනුබද්ධ අධ්‍යන මධ්‍යස්ථානයේ දී ඊයේ මෙම පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණු බවයි.

මෙහිදී ඖෂධවේදී පුහුණු පාසල්වලට බඳවාගෙන වසර 2 ක ඩිප්ලෝමා පුහුණුව අවසන් කර සිටි 163 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දී තිබෙනවා.

එමෙන්ම වසර 1 යි මාස 3 ක ඩිප්ලෝමා පුහුණුව අවසන් කළ සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් 56 දෙනෙකුට ද පත්වීම් ලිපි පිරිනැමූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

මේ එම අවස්ථාවට එක්වෙමින් අදහස් පළ කළ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා.

https://www.vnews.lk/storage/2023/12/RAMESH-PATHIRANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content