බංග්ලාදේශයේ වෛද්‍ය විද්‍යාලයක දී එහි ආචාර්යවරයෙක් සිදුකළ වෙඩිතැබීමකින් වෛද්‍ය සිසුවෙක් තුවාල ලබා තිබේ.

මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ රයිහාන් ෂරීෆ් නම් එම ආචාර්යවරයාගේ ඔහුගේ වැඩ තහනම් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් වෛද්‍ය සිසුන් විරෝධතා ඇරඹීමෙන් අනතුරුව ඊයේ (06) ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ දිනවල පැවැත්වෙන එම වෛද්‍ය විද්‍යාලයේ විභාගයක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

එහිදී ෂරීෆ් සහ 23 හැවිරිදි වෛද්‍ය සිසුවා අතර ආරවුලක් හටගෙන ඇති අතර එම අවස්ථාවේදී ෂරීෆ් විසින් සිසුවාට වෙඩිතබා තිබුණි.

එහි උණ්ඩය සිසුවාගේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනයට වැදී ඇති අතර එහෙත් ඔහුගේ දණිස්සට සහ පාද තුවාල වී ඇති බව වාර්තා විය.

WhatsApp Group

Skip to content