වෛද්‍යවරුන් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සඳහා කඩිනමින් සහන සලසන්නැයි රජයට බලකරමින් අදත් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා .

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාවේ සමලේකම් වෛද්‍ය චන්දික තල්ගස්දූව මහතා සඳහන් කළේ දිවයින පුරා ක්‍රියාත්මක සංකේත විරෝධතා මාලාවට සමගාමීව මෙය ක්‍රියාත්මක කළ බවයි .

වෛද්‍යවරුන් රැසක් තවදුරටත් විදේශගත වීමට සූදානමින් සිටින බවත් ඔහු මෙහිදී අනාවරණය කර සිටියා .

https://www.vnews.lk/storage/2023/11/CHANDIKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content