වෛද්‍යවරුන් සඳහා වන DAT දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ අදාළ දීමනාව රුපියල් 35,000 සිට රුපියල් 70,000 දක්වා වැඩි කිරීමටයි
මේ අතර විශ්ව විද්‍යාල ගුරුවරුන්ගේ අධ්‍යයන දීමනාව සියයට 25 කින් වැඩි කිරීමටද අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම දීමනාව ඔවුන්ගේ ජනවාරි වැටුපට ඇතුළත් කිරීමට නියමිතයි.

මේ අතර අද දිනයේදී සංකේත වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව දන්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය ජනාධිපතිවරයාට ලිපියක් ලිපියක් යොමු කර තිබෙනවා .

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කලේ මෙම දීමනා ඉහල දැමීම සියලු සෞඛ්‍ය සේවකයින් හට සමානව සිදු කල යුතු බවයි .

https://www.vnews.lk/storage/2024/01/RAVI-KUMUDESH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content