මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් රඹුක්කන නගරයේ වෙළඳසැල් වලින් මුදල් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුව ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි වියේ පසුවන අරණායක දික්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content