වෙළඳපොලේ යළිත් එළවඵ මිල ගණන් ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

පෑලියගොඩ මැනිං වෙළඳපොලේ බෝංචි කිලෝවක මිල රුපියල් 300 ත් 350 ත් අතර අගයක පැවති අතර මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ද රුපියල් 400 ඉක්මවා ගොස් තිබුණා.

පෑලියගොඩ, දඹුල්ල, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානවල ද කැරට් තොග මිල සටහන් වුණේ රුපියල් 400 ත් 470 ත් අතර මිලකටයි.

එමෙන්ම අමු මිරිස් කිලෝවක තොග මිල ආර්ථික මධ්‍යස්ථානවල දක්නට ලැබුණේ රුපියල් 500 ත් 650 ත් අතර මිලකට බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

 

WhatsApp Group

Skip to content