වෙළදපොල තුළ තවදුරටත් එළව`ඵ මිල ඉහළ අගයක පවතින බව වාර්තා වනවා.

ආර්ථික මධ්‍යස්ථාන රැසක ඊයේ දිනය තුළදී බෝංචි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 500 ඉක්මවනු ලැබුවා.

එමෙන්ම අනෙකුත් එළව`ඵවල මිල ගණන් ද ඉහළ යාමක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

කැරට් මිල ද මිල දර්ශනවල සදහන් වුණේ රුපියල් 250 ත් රුපියල් 350 ත් අතර මිලකටයි.

එමෙන්ම දෙහි කිලෝවක තොග මිල මාසයකටත් වැඩි කාලයක සිට පවතින්නේ රුපියල් 1000 ඉක්මවා වන අතර ඉඟුරු කිලෝග්‍රෑමයක මිල රුපියල් 2000 ඉක්මවා ඇති බවටයි වී එෆ් එම් ප්‍රවෘත්ති කළ නිරීක්ෂණයකදී අනාවරණය වුණේ.ණ්.

WhatsApp Group

Skip to content