වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සියලු ලක්වාසීන්ගෙන් ඉල්ලා සිටී.

වෙළෙඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතීන් ප්ලාස්ටික්වලින් සමන්විත විවිධාකාරයේ වෙසක් සැරසිලි මේ දිනවල දැකගත හැකිය.

එවැනි නිෂ්පාදන සඳහා පරිසර හිතකාමී විකල්ප රාශියක් පවතී. එබැවින් වෙසක් සැරසිලි සිදුකිරීමේ දී සෑම විටම පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී පරිසර හිතකාමී ද්‍රව්‍ය පමණක් භාවිත කිරීමෙන් පරිසරයට සිදුවන හානිය අවම කරගත හැකිය.

WhatsApp Group

Skip to content