ඉලප්පුකඩවෛ, වෙල්ලන්කුලම ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ලයන් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙල්ලන්කුලම ප්‍රදේශයේදී කෝවිලක පූජා මංගල උත්සවයක් සඳහා ට්‍රැක්ටර් රථයකින් පැමිණි නැවත ගමන් කරමින් සිටි පිරිසකට මෙම පුද්ගලයන් පහරදී ඇති අතර, එහිදී ටැක්ටර් රථයේ රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව ලද පැමිණිල්ලක් අනුව මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 35ත් අතර වයස්වල පසුවනවා.

ඔවුන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content