සුනඛයින් නොවන සතුන් සපා කෑම හේතුවෙන් ජලභීතිකා රෝගයට ගොදුරු වී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ ජලභීතිකා වෛද්‍ය අංශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය හේෂාන් ගුරුගේ මහතා පවසන්නේ ජලභීතිකා රෝගය පිළිබදව නොදැනුවත් බව මෙම මරණ ඉහළ යාමට හේතු වී ඇති බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි වෛද්‍ය නිලධාරි හේෂාන් ගුරුගේ මහතා මෙම අදහස් පළ කළේ.

https://www.vnews.lk/storage/2023/09/HESHAN-GURUGE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content