අත් වැරදීමකින් ගිනි අවියක් ක්‍රියාත්තමක වීම හේතුවෙන් දුම්මලසූරිය ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා තවත් පිරිසක් සමග සතුන් දඩයමේ ගොස් ඇති අතර එහිදී ඔහු අත තිබු ගිනි අවිය වැරදීමකින් ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.

මෙසේ මියගොස් ඇත්තේ නාරන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්.

WhatsApp Group

Skip to content