අහුන්ගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට අද උදෑසන මෝටර් රථයකින් පැමිණි කිහිපදෙනෙකු වෙඩි තබා තිබෙනවා.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් පලාගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට බලපිටියි රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔහු 31 හැවිරිදි වියේ පසුවන කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි අනාවරණය වී ඇත්තේ.

WhatsApp Group

Skip to content