ගාල්ල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ රෙදිපිළි අලෙවි ආයතනය හිමිකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ.

මියගිය ව්‍යාපාරිකයා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතාගේ ඥාතියෙකු බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content