බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පොලිස් වැටලීමක් අතරතු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයන් විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ අපරාධ කල්ලියක පුද්ගලයන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙලෙස පොලීසිය විසින් සිදු කළ වෙඩිතැබීමේදී මෙම අපරාධ කල්ලියේ සාමජිකයන්ද ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරියෙකු ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පසුගිය දින 06 තුළ මීට සාමාන වැටලීම් සිදු කර ඇති අතර, එහිදී පුද්ගලයන් 42ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content