අමෙරිකාවේ නිව් හැම්ප්ෂයර්හි මනෝ චිකිත්සක රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

සන්නද්ධ සැකකරුවෙකු විසින් රෝහල තුළ දී වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කර ඇති අතර ආරක්ෂක නිලධාරියෙකු අදාළ ප්‍රහාරකයාට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

අදාළ පුද්ගලයා මෙම ඝාතනය සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ රෝහලේ රෝගින් 185ක් පමණ නේවාසික ව ප්‍රතිකාර ගනිමින් සිට ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

WhatsApp Group

Skip to content