පසුගිය සැප්තැම්බර් 17 වනදා මාලිගාකන්ද අධිකරණය ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී මෝටර් රථයක් සමග මෙම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

එම වෙඩි තැබීමෙන් අවුරුදු 6 ක දැරියක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

WhatsApp Group

Skip to content