අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේදී පාසලක් තුළ සිසුන් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ
වෙඩික්කරුගේ දෙමව්පියන්ට වසර 10 සිරදඬුවමක් නියම කර තිබෙනවා.
වෙඩි තැබීම වැලැක්වීමට කටයුතු නොකිරීම සහ වෙඩි තැබීම සඳහා සිය ගිනි අවිය භාවිතා කිරීම යන චෝදනා මෙම දෙමව්පියන්ට එල්ල වීම මත මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම වෙඩි තැබීම 2021 වසරේදී සිදු කළ අතර, එහිදී පාසල් සිසුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ගුරුවරයෙකු ඇතුළු 7 දෙනෙකු තුවාල ලැබුවා.

WhatsApp Group

Skip to content