ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අත්තිඩිය නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

තවද ශ්‍රී ලංකාවේ දැනට පවතින විදේශ රැකියා ඉල්ලුමට රුකුලක් වෙමින් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා නව මාවතක් විවර කරදීමට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා එංගලන්තයේ Timeless Group ආයතනයේ අනුබද්ධිත ආයතනයක් වන Next Gen Development & Placement (Pvt) Ltd ආයතනය අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව පාඨමාලා ආරම්භයද මෙයට සමගාමීව සිදු විය.

ඒ අනුව, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ Security හා Skill Workers රැකියා සඳහා අවශ්‍ය වෘත්තීය කුසලතා සංවර්ධනය කරගනිමින් එංගලන්තය හා මැදපෙරදිග රටවල් තුළ රැකියාවන් ලබාගැනීමට අවශ්‍ය වෘත්තීය සුදුසුකම මෙහිදී ලබා දෙනු ලැබේ. මේ සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂාව හැදෑරීම සඳහා IELTS විභාගය සඳහා පෙනී සිටීමේ පහසුකම් ද මේ හරහා ලබාදීමට කටයුතු සූදානම් කර ඇති අතර අවුරුද්දක් තුළ රැකියාලාභීන් 1000 කට අධික ප්‍රමාණයක් විදේශ ගත කිරීමට ද බලාපොරොත්තු වේ.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ මූලික පාඨමාලාවක් හදාරා අවබෝධයක් ඇති හා අදාළ ක්‍ෂේත්‍රයේ වෘත්තීය පළපුරුද්ද ඇති රැකියාලාභීන්ට මේ සඳහා අයදුම් කිරීමට හැකි වන අතර මෙම වැඩපිළිවෙළ කෙටි කාලීන පාඨමාලාවක් ලෙස ඉතා අඩු කාලසීමාවක් තුළ අවසන් කිරීමට හැකි ලෙස සකස් කර ඇත.

WhatsApp Group

Skip to content