ලබන මස 03 වනදා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කලේ.

ඒ මහතා කියා සිටියේ එම චක්‍රලේඛය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.

ඒ අනුව සෞඛ්‍ය වෘත්තිකයින් සහ සිවිල් සංවිධාන එක්ව ලබන 03 වනදා විශේෂ සමුළුවක් පැවැත්වීමට ද නියමිතයි.

එහිදී මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව හෙළිදරව් කිරීම් රැසක් සිදුකරනු ලබන බවයි රවී කුමුදේශ් මහතා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/07/RAVI-KUMUDESH-EDIT-3.mp3?_=1

WhatsApp Group

Skip to content