වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ත අද සහ හෙට යන දෙදින තුළත් ක්‍රියාත්මක වනවා.
ඒ අනුව අධ්‍යාපන අනධ්‍යන සේවකයන් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.

වේ අතර මෙම වර්ජන ක්‍රියාමාර්ගයත් සමග පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවීම සඳහා පාසල් ප්‍රජාව සමග එක්ව, පාසල්වල කටයුතු කළමනාකරණය කරගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ගන්නා ලෙසයි.
මේ අතර යොදා ගත් ආකාරයෙන් හෙට දිනයේදී අසනීප නිවාඩු දමමින් සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ගුරු – විදුහල්පතිවරුන්ගේ සංගමය පවසනවා.
මේ අතර විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්යමණ්ඩල ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද 55 වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.
මේ අතර රජයේ විධායක නිලධාරීන් අද සහ හෙට යන දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content