වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව අද රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග තීරණය කිරීම සදහායි.

එහි සම කැදවුම්කරු මහාචාර්ය සී . ඉලංගසිංහ මහතා සදහන් කළේ දැනට පවතින බදු සංශෝධනයට මාස 6 ක කාලයක් බලා සිටීමට නොහැකි බැවින් කඩිනමින් අන්තර්කාලීන විසදුමක් අපේක්ෂා කරන බවයි.

මේ සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ බවද වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පැවසුවා.

WhatsApp Group

Skip to content