වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා.

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගනු ලබන ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබද මෙහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ද හෙට පැවැත්වෙන සාකච්ඡාවට එක්වනු ඇති.

මේ අතර නව බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

සිය වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලිපියක් යොමු කර ඇතත් ඊට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සදහන් කළේ.

කෙසේවෙතත් තාවකාලික විසදුමක් ලබා දෙන්නේ නම් සිය වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සදහන් කළේ.

WhatsApp Group

Skip to content