වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සංවිධානය නව දේශීය බදු පනතේ අහිතකර බලපෑම් පිළිබඳ ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා.

ඒ සඳහා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානයට අනුයුක්ත වෘත්තීය සමිති 27ක නියෝජිතයින් ලිපියකට අත්සන් තබා ඇති බව සඳහන්.

මෙම ලිපිය හරහා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය නව දේශීය ආදායම් පනතේ අහිතකර බලපෑම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් සඳහන් කර සිටින්නේ මෙම බදු ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කළහොත් එය තිරසාර නොවීම හේතුවෙන් වැඩි බුද්ධි ගලනයක් රට තුළ සිදුවනු ඇති බවයි.

රට තුළ පවතින ඉතා ඉහළ උද්ධමනය සහ ඉහළ පොළී අනුපාත හමුවේ වෘත්තිකයින්ගේ මූල්‍ය ස්ථාවරත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත් වී ඇති බවත් වෘත්තීය සමිති සංවිධානය වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content