ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාව පිළිබද පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන මස 06 වැනිදා එම විවාදය පැවැත්වීමට තීරණය වූ බවයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහනධීර මහත්මිය සඳහන් කළේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහි දී මෙම තීරණය ගෙන තිබෙනවා.
විපක්ෂය ගෙන එන ලද යෝජනාවකට අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාව පිළිබද විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

WhatsApp Group

Skip to content