වෘක ප්‍රහාර හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහරයිච් දිස්ත්‍රික්කයේයි මෙම වෘක ප්‍රහාර සිදුව ඇත්තේ.

කුඩා ළමුන් 7 දෙනෙකු හා කාන්තාවක් පසුගිය මාස දෙක තුළ දී මෙලෙස වෘකයින්ට ගොදුරු වී තිබෙනවා.

වෘක ප්‍රහාරයන්ට කුඩා දරුවන් වැඩි වශයෙන් ගොදුරු වීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල වැඩි අවදානයක් යොමුව තිබෙනවා.

මිය ගිය කුඩා දරුවන් වයස අවුරුදු 3 / 6 හා 9 යන වයස්වල පසුවු බවයි වාර්තා වන්නේ.
රා

ත්‍රී කාලයේ දී එළිමහනේ නිදා ගැනීමෙන් වළකින ලෙසයි එම ප්‍රාන්තයේ පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම කුඩා දරුවන් , කාන්තාවන් හා වයස්ගත පුද්ගලයින් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස ද ඔවුන් ජනතාවට දැනුම් දෙනවා.

වෘක ප්‍රහාර මැඩ පැවැත්විම සඳහා වන අඩවි නිලධාරීන් මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ද සඳහන්.

WhatsApp Group

Skip to content