දිස්ත්‍රික්ක 7 ක වී මිලදී ගැනීම සදහා අද සිට අයදුම්පත් නිකුත් කිරීම සහ සාම්පල පරීක්ෂාව ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

කුරුණෑගල, අම්පාර, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල මෙලෙස හෙට සිට වී මිලදී ගැනීම ආරම්භ කරන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ.

මේ වන විට දකුණු පළාතේ වී මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර එලෙස ලබාගත් වී කිලෝග්‍රෑම් ප්‍රමාණය ලක්ෂයකට ආසන්නයි.

මෙහිදි නාඩු වී කිලෝවක් රුපියල් 105 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 120 කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 ක මුදලකටත් වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගනු ඇති.

කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ සහතික මිලට වඩා වැඩි මිලකට වෙළදපොලේ වී මිලදී ගන්නා තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

WhatsApp Group

Skip to content