වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් වඩා අඩු කාලයකට පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ වී කිලෝ ලක්ෂ 45 ක් වැනි ප්‍රමාණයක් දැනට වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවයි.

වී නොලැබීම හේතුවෙන් වසා ඇති හම්බන්තොට වී ගබඩාව, ගොවි සංවිධාන මගින් ඉල්ලීමක් ලැබුණහොත් පමණක් විවෘත කිරීම සලකා බලන බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ පිළිබදව සාකච්ඡා කිරිමට හෙට දින අමාත්‍ය මහින්ද අමරවීර මහතා විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ.

WhatsApp Group

Skip to content