වලංගු වීසා බලපත්‍ර නොමැතිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට මහල් නිවාස සංකීර්ණයක සිදුකළ විශේෂ පරීක්ෂාවකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 358 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් පුද්ගලයින් 158 දෙනෙකුටම මැලේසියාවේ රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපත්‍ර තිබී නොමැති බවයි මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 83 දෙනෙකු, කාන්තාවන් 54 දෙනෙකු, පිරිමි ළමුන් 08 දෙනෙකු සහ ගැහුණු ළමුන් තිදෙනෙකු සිටි බව සඳහන්.

 

WhatsApp Group

Skip to content