රටවල් 7 කින් පැමිණෙන අමුත්තන්ට වීසා රහිතව ඇතුළු වීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලින් පැමිණෙන සංචාරකයින්ට වීසා රහිතව ඇතුළු වීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවනු ඇති .

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම පියවර ලබන වසරේ මාර්තු මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතියක කොටසක් වන බවයි.

මෙම පියවර තුලින් එම රටවල් හතෙන් වැඩි සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වනු ඇති බවට රජය විශ්වාස කරන බව අමාත්‍යවරයා සදහන් කළා.

ඒ අනුව, මෙම රටවල සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන විට ගාස්තුවකින් තොරව වීසා ලබා ගැනීමට හැකි වනවා.

WhatsApp Group

Skip to content