මෙරටට පැමිණෙන විදේශිකයින් සදහා ඔන්ලයින් වීසා නිකුත් කිරිම සම්බන්ධයෙන් වු සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාව දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.
රජයේ මුදල් පිළිබද කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස් වුණා.
මීට පෙර මෙම කමිටුව රැස්වූ අවස්ථාවේ දී මෙම අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කමිටුවට පැමිණීමට එකඟතාවක් පළකර තිබුණද පසුව ඔවුන් නොපැමිණි බවයි සභාපතිවරයා සඳහන් කළේ.
අනතුරුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ හර්ෂ ද සිල්වා මහතා මෙලෙස අදහස් දක්වා සිටියා.

WhatsApp Group

Skip to content