ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් විස්සයි විස්ස තරගයක් ජයගැනීමට සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.

ඒ් ඊයේ(16) පැවැති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු හතරකින් ජයග්‍රහණය කරමින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ් අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 173ක් ලබාගත්තා.

මුල්පෙළ කඩුලු හතරක් ලකුණු 27කට දැවී ගොස් සිටියදී පිටියට පිවිසි ඇන්ජලෝ මතිව්ස් සහ චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ නැංවීමට සමත් වූවා.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 39කදී ලකුණු 69ක් ලබාගත්තේ හයේ පහර තුනක් සහ හතරේ පහර පහක්ද සමගිනි.
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී පන්දු 51කදී ලකුණු 66ක්ද රැස්කිරීමට සමත් වූවා.

ඊට හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් අන්තර්ගත වූවා.

සධීර සමරවික්‍රමට ලබාගත හැකි වූයේ පන්දු 12කදී ලකුණු 16ක් පමණයි.

පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්ලෙසින්ග් මුසරහානි සහ ලුක් ජොන්ග්වේ කඩුලු දෙක බැගින් ද වෙලින්ටන් මසකඩ්සා සහ රිචඩ් එන්ගරාවා එක් කඩුල්ලක් බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

ලකුණු 174ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 19.5කදී කඩුලු 6ක් පමණ දැවී සිටියදී සපුරා ගැනීමට සමත් වූවා.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් එහිදී ක්‍රෙයිග් අර්වින් පන්දු 54කදී ලකුණු 70ක් ලබාගැනීමට සමත් වූවා.

ඊට හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් අන්තර්ගත වූවා.

Brian Bennett ලකුණු 25ක් ලබාගත්තේ පන්දු 20කදී හතරේ පහර තුනක්ද සමගිනි.

නොදැවී පන්දුවට පහර දුන් Luke Jongwe පන්දු 12කදී ලකුණු 25ක් ලබාගත්තේ වේගවත් පිතිකරණයක නියැලෙමින් හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක්ද සමගිනි.

එසේම නොදැවී පන්දුවට පහර දුන් අනෙක් ක්‍රීඩකයා වූ Clive Madande පන්දු පහකදී ලකුණු ලකුණු 15ක් ලබාගත්තේ හයේ පහර දෙකක්ද සමගින්.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.
එසේම වනිදු හසරංග සහ ඩිල්ෂාන් මධුසංක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

Luke Jongwe තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණා.

ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම මේ වනවිට සමතත්ත්වයේ පසුවනවා.

තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය එළැඹෙන 18 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content