විසන්ධි කළ විදුලි සැපයුම් යළි ලබාදීමේදී අය කරනු ලබන ගාස්තුව අඩු කිරිමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව රුපියල් 3000ක් වූ අදාළ ගාස්තුව ලබන වසරේ සිට අඩු කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් බලශක්ති සහ ප්‍රවාහනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම හිඟ මුදලේ වටිනාකම අඩුනම් ඉදිරියේ දී විදුලි සබඳතාව විසන්ධි නොකිරීමටද සැළසුම් කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content