දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ විෂ වායුවක් කාන්දු වීමෙන් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවන් සහ කුඩා ළමුන්ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම පුද්ගලයන් නයිටේ්‍රට් වායුව ආශ්වාස කිරීමෙ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙම විෂ වායුව ආශ්වාස කළ පුද්ගලයන් සිටීද යන්න සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content