මාලඹේ ප්‍රදේශයේ නිවසක් තුළ විෂ වායුවක් ආඝ්‍රාහණය වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65 සහ 45 යන වියේ පසුවූ පුද්ගලයන් දෙදෙනෙක්.

මෙම සිදුවීම මාලඹේ කහන්තොට පාර, ජයන්ති මාවතේ පිහිටි නිවසකින් වාර්තා වුණා.

මිය පුද්ගලයින් දෙදෙනා යම්කිසි රසායන ද්‍රව්‍ය කිහිපයක් මිශ්‍ර කිරීමට යාමේදී මෙම විෂ වායුව ආඝ්‍රාණ වී තිබෙනවා.

එහිදී ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් ඔවුන්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පොලීසිය සඳහන් කළේ එම පුද්ගලයන් දෙදෙනා එහිදී මියගොස් ඇති බවයි.

WhatsApp Group

Skip to content