මහනුවර නගරය අවට විශේෂ රථවාහන සැලැස්මක් හෙට සිට ක්‍රිියාත්මක වන බව පොලිසිය පවසනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකුට අක්ත පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීම හේතුවෙන්.

හෙට උදෑසන 9.30 සිට දහවල් 12 දක්වා කාලසීමාව තුළ මහනුවර නගරය ආවරණය වන පරිදි මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි.

එමෙන්ම තානාපතිවරුන් ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීමේදී පෙරවරු 5 සිට දහවල් 12 දක්වා අදාළ මාර්ගය දෙපස රථවාහන නතර කිරීමට අවස්ථාව හිමි නොවන බව ද පොලිසිය පැවසුවා.

කෙසේ වෙතත් එම මාර්ගවල වාහන ධාවනය කිරීමට හැකියාව පවතිනවා.

WhatsApp Group

Skip to content